Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 07 - ගලිගමුව)
  • Event date: 2020.12.03

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 07 - ගලිගමුව)

69 බී, ගලිගමු වසම ජී 141, කඩිකුඹුර, ගලිගමුව ලිපිනයෙහි පදිංචි සමෘද්ධිලාභියෙකු වන ඩබ්. විමලදාස මහතා වෙත මෙම නිවස ඉදි කරන ලදි. ඔහු දෙදරු පියෙක් වන අතර බිරිඳට හා විමලදාස මහතාට ද ස්ථිර රැකියාවක නොමැති බැවින් කුලී වැඩෙහි නිරතව සිටී. දරුවන් දෙදෙනා ගලිගමුව මහා විද්යාලයේ 8 වන ශ්රේණියෙහි හා ගලිගමුව ප්රාථමික විද්යාලයේ 3 වන ශ්රේණියෙහි අධ්යාපනය ලබයි. ඔවුන් හට ස්ථිර නිවසක් නොමැති අතර, ඉටිකොළ ආවරණය කළ කුඩා නිවසක දිවි ගෙවන ලදි.

ඔවුන්ගේ අසරණභාවය සලකා ගලිගමුව ප්රාදේශීය ලේකම් එච්.එම්. සී. සුසන්ත හේරත් මහතාගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ වසම් භාර නිලධාරීන් වන ග්රාම නිලධාරී එම්.ඩබ්.එස්.බී. මදුරාව, ආර්ථික සංවර්ධන නිලධාරී පත්මා කුමාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරී රේණුකා පද්මිණි, උපාධිධාරී අභ්යාසලාභී නිලධාරී එස්.එස්.විස්නා ලංකා සමරනායක මහත්ම මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් ප්රදේශයේ පරිත්යාගශීලී ජනතාවගේ මූල්ය හා ශ්රම දායකත්වයෙන් රු. 800000.00 ක පමණ වටිනාකමින් යුත් මෙම නිවස ඉදි කිරීමට හැකි විය.

මෙවැනි සද්කාර්යයන් සදහා අප සමඟ එක්වීමට ඔබටත් හැකිය. එච්.එම්.සී. සුසන්ත හේරත් - ප්රාදේශී්ය ලේකම් - 0714439363 නිලූෂි දයානන්ද - සහකාර ප්රාදේශී්ය ලේකම් - 0711671141 අනුරාධා සිරිසේන - පරිපාලන නිලධාරී -0714425072 ජී.ආර්.එස්. දයාවංශ - ප්රධාන කළමණාකරණ සේවා නිලධාරී - 071-4459805