Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 11 - බල්ලපාන උඩබාගේ)
  • Event date: 2021.04.08

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 11 - බල්ලපාන උඩබාගේ)

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය “රැකවරණ පදනම” මඟින් බල්ලපාන උඩබාගේ වසමේ බී 133/4, උඩහ ගෙදර, බල්ලපාන උඩබාගේ ලිපිනයෙහි පදිංචි එස්.පී. සනත් කුමාර මහතා වෙනුවෙන් ඉදි කළ නිවස 2021.04.08 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් ජයසිංහ මහතා, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී සුසන්ත හේරත් මහතාගේ සහ ප්‍රාදේශයේ ජනතා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් එස්.පී. සනත් කුමාර මහතා වෙත සුභ මොහොතින් භාර දෙන ලදි.

ස්ථිර රැකියාවක් නොමැති සමෘද්ධිලාභී පවුලක් වන ඔවුන් කුඩා නිවසක ඉතා අසීරුවෙන් දිවි ගෙවු අතර, දෛනික වැටුපට ඇගළුම් කම්හලක තාවකාලික රැකියාවක නිරත වෙමින් දරු පවුල නඩත්තු කරනු ලබයි.

ස්ථිර නිවසක් තනා ගැනීම ඔවුනට සිහිනයක් වූ බැවින් ඔහුගේ අසරණභාවය සලකා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්. සී. සුසන්ත හේරත් මහතාගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ වසම් භාර නිලධාරීන් වන ග්‍රාම නිලධාරී ඩී.එම්.එන්.ප්‍රියදර්ශනී මිය, ආර්ථික සංවර්ධන නිලධාරී ඩබ්.ඒ.එන්. කුමාරි මිය, සමෘද්ධි සංවර්ධන නිලධාරී ඩී.එම්.එන්.කුමාරි සිරිසේන මිය, උපාධිධාරී අභ්‍යාසලාභී නිලධාරී ඒ.ටී.එම්. තිලකරත්න මිය යන මහත්ම මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් හා පූජ්‍ය නෙළුම්දෙණියේ ධම්මදස්සී හිමි ගේ අනුශාසකත්වයෙන් ප්‍රාදේශයේ පරිත්‍යාගශීලී ජනතාවගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් රු.7,000,00.00 ක පමණ වටිනාකමින් යුත් මෙම නිවස ඉදි කිරීමට හැකි විය.