Event information

  • Description: සජිව්‍යා කාබනික පොහොර වැඩසටහන ගලිගමුව කොට්ඨාශය පුරා ප්‍රචලිත කෙරේ......
  • Event date: 2021.10.01

සජිව්‍යා කාබනික පොහොර වැඩසටහන ගලිගමුව කොට්ඨාශය පුරා ප්‍රචලිත කෙරේ......

මහ කන්නයේ ගොවිතැන්වල යෙදෙන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර හා දියර පොහොර ඔවුන්ටම අවශ්‍ය පරිදි නිපදවා ගැනීම පිළිබද කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන ගලිගමුව කොට්ඨාශය පුරා සාර්ථකව ආරම්භ විය.

මේ අනුව ගලිගමුව කොට්ඨාශයේ වසම් 51 තුළම කාබනික පොහොර නිපදවීම පිළිබද ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම සිදු වූ අතර ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි ප්‍රධාන වැඩසටහන ගොඩපල වසමේ දී පැවැත්වුණි.

මෙම වැඩසටහන් සාර්ථකව සංවිධානය කිරිම පිළිබද වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභි උපාධිධාරී නිලධාරීන් කෘතවේදීව සිහිපත් කරන අතර මෙම අවස්ථාවට සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන්, සහකාර අධ්‍යක්ෂවරුන්, කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ට ද ස්තුතිය පුදකරමු.