Event information

  • Description: කිනිගම ග්‍රාම නිලධාරී වසමටත් “පොතක් එක්ක” වැඩසටහනින් පුස්තකාලයක්....
  • Event date: 2021.10.08

කිනිගම ග්‍රාම නිලධාරී වසමටත් “පොතක් එක්ක” වැඩසටහනින් පුස්තකාලයක්....

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මහතාගේ සංකල්පයකට අනුව කොට්ඨාශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක් පුස්තකාලයක් බැගින් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පොතක් එක්ක අටවන පුස්තකාලය 2021.10.08 දින කිනිගම ග්‍රාම නිලධාරී වසමේදී විවෘත විය.

කිනිගම ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශවාසීන්ගේ මහත් කැපවීම හා සහයෝගය මත ඇරඹි මෙම පුස්තකාලය පොත් 1500 කින් පමණ සමන්විත වන අතර මෙහි ප්‍රතිලාභ කිනිගම වසමේ දරු දැරියන් ඇතුළු සැමට හිමි වන්නේ කියවීම මිනිසා සම්පූර්ණ මිනිසකු කරන්නට දෙන පිටුවහලක් ලෙසිනි. මෙය විවෘත කිරීම ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමන් අතින් සිදු වූ අතර ග්‍රාම නිලධාරිතුමන් ඇතුළු වසම්භාර නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

මේ සදහා කැපවීමෙන් කටයුතු කල වසමේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, උපාධිධාරී අභ්‍යාසලාභී නිලධාරී ඇතුළු සහයෝගය දුන් සියළුම දෙනාට ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ ගෞරවණීය ප්‍රණාමයද මෙම අවස්ථාවේදී හිමිවිය.