Event information

  • Description: අම්පේ ග්‍රාම නිලධාරී වසමටත් "පොතක් එක්ක" වැඩසටහනින් පුස්තකාලයක්
  • Event date: 2022.01.13

අම්පේ ග්‍රාම නිලධාරී වසමටත් "පොතක් එක්ක" වැඩසටහනින් පුස්තකාලයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මහතාගේ සංකල්පයකට අනුව කොට්ඨාශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක් පුස්තකාලයක් බැගින් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි "පොතක් එක්ක" දහවන පුස්තකාලය පසුගියදා අම්පේ ග්‍රාම නිලධාරී වසමේදී විවෘත විය.

අම්පේ ග්‍රාම නිලධාරී වසමේ නිලධාරීන්ගේ, ප්‍රදේශවාසීන්ගේ සහ සමෘද්ධි ළමා සමාජයේ සහයෝගය මත ඇරඹි මෙම පුස්තකාලය පොත් 1000 කින් පමණ සමන්විත වන අතර මෙහි ප්‍රතිලාභ අම්පේ වසමේ දරු දැරියන් ඇතුළු සැමට හිමිවන්නේ කියවීම මිනිසා සම්පූර්ණ කරන්නට දෙන පිටුවහලක් ලෙසිනි. මෙය විවෘත කිරීම ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතාගේ සුරතින් සිදු විය.

මේ සදහා කැපවීමෙන් කටයුතු කල වසමේ සමෘද්ධි නිලධාරී විරාජනී කුමාරි මහත්මිය වෙත ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ප්‍රණාමය පුද කරන ලද අතර මෙම අවස්ථාවට වසමේ රාජ්‍ය නිලධාරීන් සියළුදෙනාම සහභාගි වූහ.