Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 01 - ගලිගමුව)
  • Event date: 2019.08.24

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 01 - ගලිගමුව)

2025 වන විට කෑගල්ල දිස්ත්රික්කය ආසියාවේ හොඳම ජනාවාසය බවට පත්කිරීමේ ඉලක්කය කරා යන ගමනේ දී නගර හා මානව ජනාවාස සංයුක්ත, සුරක්ෂිත, ස්ථායි සහ තිරසාර කරලීම බවට පත් කිරීමේ තිරසර සංවර්ධන අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් කෑගල්ල දිස්ත්රික් මහ දිසාපති/ දිස්ත්රික් ලේකම් චන්ද්රසිරි බණ්ඩාර මැතිඳුන්ගේ අනුශාසකත්වයෙන් හා ගලිගමුව ප්රාදේශීය ලේකම් එච්.එම්.සී. සුසන්ත හේරත් මැතිඳුන්ගේ සංකල්පය, උපදේශකත්වය හා මඟ පෙන්වීමෙන් ආරම්භ කරන ලද “රැකවරණ පදනම” මඟින් ඉදි වූ පළමු “සිහින මැදුර” 2019.08.24 දින සුභ මොහොතින් නිවෙස් හිමිකරු වෙත භාර දුන් වගයි

එම නිවසෙහි වාසනාවන්ත හිමිකරු වන්නේ ගලිගමුව, ගලිගමුව නගරය ලිපිනයෙහි පදිංචි ආර් .ඒ. ධර්මසේන මහතායි. මෙතෙක් කළක් සුරක්ෂිත නිවසක ජීවත්වීම සිහිනයක් වූ ඔවුන් හට එම සිහිනය සැබෑ කර දීම සඳහා සිය පුද්ගලික ධන පරිත්යාගය, කාලය, ශ්රමය කැප කරමින් මෙම සද්කාර්ය සඳහා උර දෙනු ලැබූවේ ගලිගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මේෆීල්ඩ් වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීනි දේවි විජේරත්න මෙනවිය සහ ඇයගේ සොහොයුරු දිලංක විජේරත්න මැතිතුමා විසිනි.

මෙම “සිහින මැදුර” ඉදිකිරීම සඳහා ශක්තියක් වූ ඔබට අපගේ හෘද්යාං ගම කෘතඥතාවය, ස්තුතිය පිරිනමමු.