Event information

  • Description: ගලිගමුවේ වෙල්යායක හැඩවුන “ගී ඉපනැල්ල” ගීත රසවින්දන වැඩසටහන
  • Event date: 2022.03.03

ගලිගමුවේ වෙල්යායක හැඩවුන “ගී ඉපනැල්ල” ගීත රසවින්දන වැඩසටහන

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත සංවිධානය කරන ලද “ගී ඉපනැල්ල” සුභාවිත ගීත රසවින්දන වැඩසටහන 2022.03.03 දින ගොඩපල වසමේ වෙල්යායේදී පැවැත්විණි.

මේ සදහා ගොඩපල ළමා සමාජයේ සහ මකුද්දල ළමා සමාජයේ දරු දැරියන් විශාල පිරිසක් සහභාගි වූ අතර සමාජයෙන් ගිලිහී යන සෞන්දර්යාත්මක හා නිර්මාණශීලී දරුවකු තැනීමේ මෙම ප්‍රයත්නය වෙනුවෙන් ගීත ගායනය හා රසවින්දනය සිදු කරන ලද්දේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංගීත කණ්ඩායම විසිනි.

මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංගි අධිකාරී මහත්මිය සහ සංස්කෘතික අංශයේ නිලධාරීන්, ව්‍යවසායක සංවර්ධන නිලධාරී සහ වසම්භාර නිලධාරීහු සහභාගි වූහ.