Event information

  • Description: අම්පේ ළමා සමාජ දරුදැරියන්ට සාහිත්‍ය රසවින්දන වැඩසටහනක්
  • Event date: 2022.03.07

අම්පේ ළමා සමාජ දරුදැරියන්ට සාහිත්‍ය රසවින්දන වැඩසටහනක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මහතාගේ මෙහෙයවීම හා මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද අම්පේ ග්‍රාම නිලධාරී වසමේ ළමා සමාජය ප්‍රතිසංවිධානය කිරීම පසුගියදා සිදු කෙරිණි.

ඊට සමගාමීව එම දරු දැරියන්ට සාහිත්‍ය රසවින්දනය පිළිබද හරවත් දේශනයක් සංවිධානය කල අතර නිර්මාණශීලී පුරවැසියකු බිහිකිරීමේ ප්‍රයත්නය සදහා එය අත්වැලක් විය. මෙම වැඩසටහනේ දරු දැරියන් සදහා සාහිත්‍ය රසවින්දනය පිළිබද හරවත් දේශනය පවත්වනු ලැබුවේ වයඹ කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු සංස්කෘතික අධ්‍යක්ෂ ප්‍රේමදාස මහතා විසිනි. මෙම අවස්ථාවට අම්පේ වසමේ වසම්භාර නිලධාරීන් සහභාගි වූ අතර මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කල සමෘද්ධි සංවර්ධන නිලධාරිනි විරාජනී කුමාරි මහත්මිය ප්‍රණාම පූර්වකව සිහිපත් කරමු.