Event information

  • Description: අරන්දර ග්‍රාම නිලධාරී වසමටත් “පොතක් එක්ක” වැඩසටහනින් පුස්තකාලයක්
  • Event date: 2022.03.03

අරන්දර ග්‍රාම නිලධාරී වසමටත් “පොතක් එක්ක” වැඩසටහනින් පුස්තකාලයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මහතාගේ සංකල්පයකට අනුව කොට්ඨාශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක් පුස්තකාලයක් බැගින් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි “පොතක් එක්ක” දොළොස්වන පුස්තකාලය 2022.03.03 දින අරන්දර ග්‍රාම නිලධාරී වසමේදී විවෘත විය.

මෙම පුස්තකාලය ආරම්භ කිරීම සදහා අරන්දර වසමේ විශාල පිරිසක් පොත් පරිත්‍යාග කල අතර මෙහි පොත් දහසකට අධික සංඛ්‍යාවක් ඇත.

පුස්තකාලය විවෘත කිරීම ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතා අතින් සිදු වූ අතර වසම්භාර මන්ත්‍රී ඉන්දිකා රණසිංහ මහත්මිය, අරන්දර දැඩිමුණ්ඩ දේවාලයේ ප්‍රධාන කපුමහතා සහ සියළුම වසම්භාර නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ. දැයේ අනාගත පරපුර වෙනුවෙන් මෙවන් උතුම් කාර්යයන් සිදු කිරීම සම්බන්ධව මෙයට දායකත්වය සැපයූ සැමට ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රණාමය හිමිවිය.