Event information

  • Description: ජගත් කාන්තා දිනය ගලිගමුවේදී සැමරේ..............
  • Event date: 2022.03.15

ජගත් කාන්තා දිනය ගලිගමුවේදී සැමරේ..............

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්විම යටතේ “රටකි, දැයකි, ලොවකි ඇය” තේමාව පෙරදැරිව ජගත් කාන්තා දින සැමරුම් උළෙල 2022.03.15 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙදී පවත්වන ලදී.

ව්‍යවසායකත්වයන් තුළින් සවිබල ගැන්වුන ගලිගමුව කොට්ඨාශයේ දිරිය කාන්තාවන් ඇගයීම ද මෙහිදී සිදු කරන ලද අතර ඔවුන් සදහා මූල්‍යමය ත්‍යාගයන් ප්‍රදානය කිරීම සිදු විය.

මෙම වැඩසටහනට සමගාමීව යුනිලීවර් ලංකා පුද්ගලික සමාගම මගින් පවත්වනු ලැබූ අලෙවි කළමනාකරණ ප්‍රවර්ධන වැඩමුළුව තුළින් කාන්තාවන් සදහා තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සදහා දැනුවත් කිරීම ද මහජන බැංකුව මගින් තම ව්‍යවසායකත්වයන් වැඩි දියුණු කිරීම සදහා පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දෙන ණය සදහා අයදුම්පත් ලබා දිම සිදු කරන ලදී.