Event information

  • Description: අම්පේ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් දරුදැරියන් හා ගුරුවරුන් සදහා ධනාත්මක චින්තනය හා මනෝ උපදේශන වැඩසටහනක් ....................
  • Event date: 2022.03.18

අම්පේ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් දරුදැරියන් හා ගුරුවරුන් සදහා ධනාත්මක චින්තනය හා මනෝ උපදේශන වැඩසටහනක් ....................

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම මත ගලිගමුව කොට්ඨාශයේ අම්පේ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අම්පේ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් දරුදැරියන් හා පාසල් ගුරුවරුන්ගේ ධනාත්මක චින්තනය වර්ධනය කිරිමේ හා ඔවුන්ට මනෝ උපදේශනය ලබා දීමේ වැඩසටහනක් 2022.03.18 දින එම විද්‍යාලයේදී පැවැත්විණි. මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතා, සහ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරිතුමිය සහභාගි වූ අතර වැඩසටහන මෙහෙයවන ලද්දේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී භද්‍රා රත්නායක හා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී චන්දිමා වලිසිංහ මහත්මිය විසිනි.

ඉහත වැඩසටහනට සමගාමීව අම්පේ පාසලේ 6-7 ශ්‍රේණි දරුවන් සදහා “ඔබ වඩාත් කැමති දේ” මැයෙන් චිත්‍ර තරගයක්ද, 8-9 ශ්‍රේණි දරුවන් සදහා “අමතක නොවන සිදුවීමක් සහ ඔබට එයින් ලද අත්දැකීම” මැයෙන් හා 10-11 ශ්‍රේණි දරුවන් සදහා “සතුට ලෙස ඔබ දකින්නේ කුමක්ද? ඔබට සතුටින් සිටීමට අවශ්‍ය මොනවාද?” යන මැයෙන් රචනා තරගයක් පවත්වා ඉන් ජයග්‍රහණය කළ දරු දැරියන් සදහා ප්‍රාදේශීය ලේකම්තුමන් අතින් ත්‍යාග ප්‍රදානය කිරීමද එදින සිදු කෙරිණි. මෙම ත්‍යාග සදහා අනුග්‍රහය දක්වන ලද්දේ වසමේ නවක සංවර්ධන නිලධාරීන් දෙපළ වන අතර මෙවන් උතුම් සද්කාර්යයන් වෙනුවෙන් දක්වන කැපවීම ප්‍රණාමපූර්වකය.

මෙම විද්‍යාලයේ මෙවන් වැඩසටහනක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ අම්පේ වසමේ නවක සංවර්ධන නිලධාරීන් වන කේ.එරන්දි කටුවාවල මහත්මිය සහ නහ්ල නිෂාම් මහත්මිය විසින් වන අතර වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබා දුන් අම්පේ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති බන්දුල කලුආරච්චි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ප්‍රණාමපූර්වකව සිහිපත් කරමු. මෙවන් වැඩසටහන් සිදු කිරීමට කටයුතු කරන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් කෘතවේදීව සිහිපත් කරන ලදී.