Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 06 - බිසෝවෙල)
  • Event date: 2020.12.03

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 06 - බිසෝවෙල)

අංක 69 සී බිසෝවෙල වසමේ බෝගෙදර, කර්පන්ටයින් වත්ත, ගලිගමුව ලිපිනයෙහි පදිංචි සම්පත් ජයතිලක මහතා වෙත මෙම නිවස ඉදිකර භාර දෙන ලදි. ඔහු බිරිඳ සහ දරු තිදෙනා සමඟ කුලී නිවසක ජීවත්වූ අතර, සිල්ලර වෙළඳ සැලක දෛනික වැටුපකට රැකියාව කරනු ලබන අතර, බිරිඳ කුලී පදනම මත ඇඳුම් මැසීමේ නිරතව සිටී. එක් දරුවකු අධ්යාපන කටයුතු අවසන් කර රැකියා විරහිතව සිටින අතර, අනෙක් දරුවා හකහින්න මධ්ය මහා විද්යාලයේ 6 ශ්රේණියෙහි ඉගෙනුම ලබයි. එක් දරුවෙකු මානසික ආබාධයකින් පෙළෙන අතර ඒ සඳහා ප්රතිකාර ලබයි.

රැකවරණ පදනම මඟින් සම්පත් ජයතිලක මහතාගේ නිවස ඉදිකිරීම සඳහා තෝරා ගත් අතර, ගලිගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කළමණාකරණ සේවා නිලධාරී සංජීව පියරත්න මහතාගේ සහ මේෆීල්ඩ් වසමේ ආර්ථික සංවර්ධන නිළධාරී දේවී විජේරත්න මෙනවියගේ සම්බන්ධීකරණයෙන් පරිත්යාගශීලී ජනතාවගේ මූල්ය හා ශ්රම දායකත්වයෙන් ප්රාදේශීය ලේකම් එච්.එම්.සී. සුසන්ත හේරත් මහතාගේ මඟ පෙන්වීමෙන් රු. 800000.00 ක පමණ වටිනාකමින් යුත් මෙම නිවස ඉදි කරන ලදි.

මෙවැනි සද්කාර්යයන් සදහා අප සමඟ එක්වීමට ඔබටත් හැකිය.