Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 08- හොලොම්බුව)
  • Event date: 2020.12.03

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 08- හොලොම්බුව)

ගලිගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයීය “රැකවරණ පදනම” මඟින් හොලොම්බුව වසමේ කේ.ඒ. ජයකොඩි මහතා වෙනුවෙන් ඉදි කළ නිවස 2020.12.23 දින කෑගල්ල දිස්ත්රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මැතිතුමාගේ ප්රධානත්වයෙන් ගලිගමුව ප්රාදේශීය ලේකම් එච්.එම්.සී. සුසන්ත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් සහ ප්රදේශයේ ජනතා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කේ.ඒ. ජයකොඩි මහතා වෙත සුභ මොහොතින් භාර දෙන ලදි.

අංක 67 බී හොලොම්බුව වසමේ කටුවාගල, හොලොම්බුව, තුංතොට ලිපිනයෙහි පදිංචි කේ.ඒ. ජයකොඩි මහතා වෙත මෙම නිවස ඉදිකර භාර දෙන ලදි. ඔහු බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ කුඩා නිවසක ඉතා අසීරුවෙන් දිවි ගෙවු අතර, දෛනික වැටුපට කුලී වැඩෙහි නිරත වෙමින් දරු පවුල නඩත්තු කරනු ලබයි.

ලේකම් එච්.එම්. සී. සුසන්ත හේරත් මහතාගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ වසම් භාර නිලධාරීන් වන ග්රාම නිලධාරී බී.ආර්.අයි.එස්. රණවීර මිය, ආර්ථික සංවර්ධන නිලධාරී කේ.ඒ.එස්. රූපසිංහ මහතා , සමෘද්ධි සංවර්ධන නිලධාරී ඩබ්.අජිත් චූලරත්න මහතා, උපාධිධාරී අභ්යාසලාභී නිලධාරී ඒ.කේ. අමරකෝන් මිය යන මහත්ම මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් ප්රදේශයේ පරිත්යාගශීලී ජනතාවගේ මූල්ය හා ශ්රම දායකත්වයෙන් රු. 10,000,00.00 ක පමණ වටිනාකමින් යුත් මෙම නිවස ඉදි කිරීමට හැකි විය.