Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක -12 කරගල)
  • Event date: 2021.04.08

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක -12 කරගල)

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය “රැකවරණ පදනම” මඟින් කරගල වසමේ කරගල, අරුග්ගම්මන ලිපිනයෙහි පදිංචි පී.ජී.ආර්.චන්ද්‍රදාස මහතා වෙනුවෙන් ඉදි කළ නිවස 2021.04.08 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් ජයසිංහ මහතා, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී සුසන්ත හේරත් මහතාගේ සහ ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පී.ජී.ආර්.චන්ද්‍රදාස මහතා වෙත සුභ මොහොතින් භාර දෙන ලදි.

ස්ථිර රැකියාවක් නොමැති සමෘද්ධිලාභී පවුලක් වන ඔවුන් කුඩා නිවසක ඉතා අසීරුවෙන් දිවි ගෙවු අතර, දෛනික වැටුපට කුලී වැඩෙහි නිරත වෙමින් දරු පවුල නඩත්තු කරනු ලබයි.

ස්ථිර නිවසක් තනා ගැනීම ඔවුනට සිහිනයක් වූ බැවින් ඔහුගේ අසරණභාවය සලකා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්. සී. සුසන්ත හේරත් මහතාගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ වසම් භාර නිලධාරීන් වන ග්‍රාම නිලධාරී ඩබ්.ඒ.ඩී.එම්.එල්. විමලවීර මයා , ආර්ථික සංවර්ධන නිලධාරී ඒ.එල්.පී. වීරතුංග මිය, සමෘද්ධි සංවර්ධන නිලධාරී රම්‍යා කුමාරි මිය, උපාධිධාරී අභ්‍යාසලාභී නිලධාරී ඩී.එස්.ඩී. විමලවීර මිය යන මහත්ම මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ පරිත්‍යාගශීලී ජනතාවගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් රු. 800,000.00 ක පමණ වටිනාකමින් යුත් මෙම නිවස ඉදි කිරීමට හැකි විය.