Event information

  • Description: කප්රුක් රෝපණයෙන් සෞභාග්‍යමත් හෙටක් කරා පියනගමු.
  • Event date: 2021.09.13

කප්රුක් රෝපණයෙන් සෞභාග්‍යමත් හෙටක් කරා පියනගමු.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනුව ගෘහ ආර්ථික ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත 2021/2022 මහකන්නය ඉලක්ක කරගනිමින් ගෙවතු සංවර්ධනය කිරිම උදෙසා ගලිගමුව කොට්ඨාශයේ පොල්පැල 1000 ප්‍රතිලාභීන් වෙත බෙදාදීමේ වැඩසටහනක් 2021.09.13 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

සෞභාග්‍යයේ සතිය තේමා කරගෙන පැවති මෙම වැඩසටහන සදහා ගලිගමුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ගරු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මැතිතුමා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උපසභාපති ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් ජයසිංහ මැතිතුමා ඇතුළු

ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහභාගි වූ අතර ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වයෙන් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය වූ අතර සමෘද්ධි අංශයේ ව්‍යපෘති කළමණාකාර මේනකා මහත්මිය හා ව්‍යාපෘති සහකාර අශෝක මහතා සමෘද්ධි අංශය වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගි වූහ.