Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය (නිවාස අංක 10 - අරුග්ගම්මන)
  • Event date: 2021.01.16

යථාර්තයක් වූ සිහිනය (නිවාස අංක 10 - අරුග්ගම්මන)

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය “රැකවරණ පදනම” මඟින් අරුග්ගම්මන වසමේ කෝපිගොල්ල, අරුග්ගම්මන පදින්චි එම්.ඒ. ශාන්ත උදය කුමාර මහතා වෙනුවෙන් ඉදි කළ නිවස 2021.01.16 දින කලාපීය සහයෝගිතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගලිගමුව ප්‍රාදේශීය

ලේකම් එච්.එම්.සී සුසන්ත හේරත් මහතාගේ සහ ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් එම්.ඒ. ශාන්ත උදය කුමාර මහතා වෙත සුභ මොහොතින් භාර දෙන ලදි.

හදිසි අනතුරකට ලක්ව දෙපා ආබාධිත ශාන්ත උදය කුමාර මහතා, බිරිඳ සහ පාසල් අධ්‍යාපනය ලබන දියණිය සමඟ කුඩා නිවසක ඉතා අසීරුවෙන් දිවි ගෙවු අතර, දෛනික වැටුපට කුලී වැඩෙහි නිරත වෙමින් දරු පවුල නඩත්තු කරනු ලබයි.ස්ථිර නිවසක් තනා ගැනීම ඔවුනට සිහිනයක් වූ බැවින් ඔහුගේ අසරණභාවය සලකා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්. සී. සුසන්ත හේරත් මහතාගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ වසම් භාර නිලධාරීන් වන ග්‍රාම නිලධාරී වයි.එස්. ප්‍රියසාද් මහතා , ආර්ථික සංවර්ධන නිලධාරී එම්.පී.මුහන්දිරම් මිය, සමෘද්ධි සංවර්ධන නිලධාරී ආර්.ඒ.පී.රම්‍යකුමාරි මි, උපාධිධාරී අභ්‍යාසලාභී නිලධාරී ආර්.කේ.ඩබ්.වසන්ති සදමාලි මිය යන මහත්ම මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් හා පූජ්‍ය අරුග්ගම්මන විමලරතන හිමි ගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශයේ පරිත්‍යාගශීලී ජනතාවගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් රු.9,000,00.00 ක පමණ වටිනාකමින් යුත් මෙම නිවස ඉදි කිරීමට හැකි විය.