Event information

  • Description: සමෘද්ධි අරුණලු වැඩසටහනින් ගලිගමුවේ ජනතාව සවිබල ගැන්වේ .......
  • Event date: 2021.10.09

සමෘද්ධි අරුණලු වැඩසටහනින් ගලිගමුවේ ජනතාව සවිබල ගැන්වේ .......

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කරමින් පවුල් ලක්ෂ 2 ක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ගලිගමුව කොට්ඨාශයේ පවුල් 765 ක් සවිබල ගැන්වීමට නියමිත අතර ඒ සදහා සමෘද්ධි ව්‍යාපෘති අංශය වැය කිරීමට නියමිත මුදල රු. 38,250,000/- කි. කෘෂි ව්‍යාපෘති 174 ක් සත්ව පාලන ව්‍යාපෘති 25 ක් කර්මාන්ත ව්‍යාපෘති 432 ක් අලෙවි හා සේවා ව්‍යාපෘති 112 ක් හා ප්‍රතිලාභීන් 22 ක් සදහා සහන ණය ලබාදීම් වැය කරන මෙම මුදලට ඇතුලත් වේ.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මැතිතුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත ගලිගමුව සමෘද්ධි ව්‍යාපෘති අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය වූ අතර ගලිගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මැතිතුමන්, ගලිගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති සහ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් ජයසිංහ මැතිතුමන් හා ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන් ඇතුළු දේශපාලන අධිකාරිය ද, කැගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ පී.ඒ.පී.කුසුම්සිරි මැතිණිය හා ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී කර්මාන්ත අංශයේ ව්‍යාපෘති 113 ක් සදහා රු. 70,000,000/- ක් වටිනා උපකරණ හා විශේෂ ව්‍යාපෘති 5 ක් සදහා රු. 382,380/- ක් වටිනා උපකරණ ප්‍රතිලාභීන් වෙත බෙදා දීම සිදු කරන ලදී.