Event information

  • Description: ජනහදට ඇමතුමක් පළමු online ජංගම සේවය
  • Event date: 2021.10.28

ජනහදට ඇමතුමක් පළමු online ජංගම සේවය

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තම ගැටළු ප්‍රශ්න විසදාගත නොහැකිව පසුවන ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් zoom තාක්ෂණය මගින් විසදුම් ලබාදිමේ වසම් 51 ආවරණය වන ජංගම සේවා වැඩසටහනේ පළමු වැඩසටහන කිනිගම ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් 2021.10.28 වන දින පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මැතිතුමාගේ මෙහෙයවීම හා උපදේශකත්වය මත මෙම වැඩසටහන සංවිධානය වූ අතර කිනිගම වසමේ ජනතාව දැඩි උනන්දුවකින් වසමේ තම නිවසේ සිටම ප්‍රාදේශීය ලේකම් වෙතම තම ගැටළු ඉදිරිපත් කිරීම මෙහිදී කැපී පෙනුණි. පැය 3 ක ට ආසන්න කාලයක් ප්‍රාදේශීය ලේකම්තුමන් සමග යෙදුන සාකච්ඡාවෙන් කිනිගම වසමේ ජනතාවගේ සමෘද්ධි, ව්‍යවසාය සංවර්ධන, අධ්‍යාපනික, ආගමික හා සංස්කෘතික, යටිතල පහසුකම්, හැදුනුම්පත්, විදුලි හා සන්නිවේදන, ප්‍රවාහන, වෘත්තීය මාර්ගෝපදේශණ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් පමණ හදුනාගත් අතර ඉන් ප්‍රශ්න රැසකට ඒ ඒ විෂයභාර නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ඒ මොහොතේම විසදුම් ලබා දීමට හැකි වූ අතර ප්‍රශ්න කිහිපයක් විවිධ රාජ්‍ය ආයතන සදහා යොමු කිරීමට සිදු විය.

ජනතා ගැටළුවලට තිරසාර විසදුම් සෙවිමේ මාර්ගගත ප්‍රවේශයකට පිවිසි ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මෙම නව සංකල්පය පිළිබද කිනිගම වසමේ ජනතාවගේ ප්‍රශංසා මෙම වැඩසටහන තුළින්ම ලැබුන අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඉමහත් කැපවීමක් සිදු කල වසම්භාර ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී, උපාධිධාරී අභ්‍යාසලාභී නිලධාරී සහ කාර්යාලයේ සියළු නිලධාරීන් සිහිපත් කරන්නේ කෘතවේදීත්වයෙනි.