Event information

  • Description: ගලිගමුවේ දේවාලේගම කලාපයට අයත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් සැමටම ආදර්ශයක්
  • Event date: 2021.10.29

ගලිගමුවේ දේවාලේගම කලාපයට අයත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් සැමටම ආදර්ශයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ දේවාලේගම කලාපයට අනුයුක්ත නවක උපාධිධාරී අභ්‍යාසලාභී එකමුතුවේ සහයෝගීත්වයෙන් ඕලන්දවත්ත ආබාධිත ළමා නිවාසයට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක දියර, උපකරණ තොගයක් පරිත්‍යාග කිරිම ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මෙහෙයවීම මත මෙවැනි වැඩසටහන් නිරතුරුව සංවිධානය වන අතර සාම්ප්‍රදායික උපාධිධාරී භූමිකාවෙන් ඔබ්බට ගොස් සංවේදීත්වයෙන් යුතු උපාධිධාරීයකුගේ සැබෑ වගකීම එළිදක්වමින් ඕලන්දවත්ත ආබාධිත ළමා නිවාසයේ අවධානයට ලක්විය යුතු අපේම දරුවන් වෙනුවෙන් මෙම සත්කාර්යයට දායක වූ දේවාලේගම කලාපයේ අභ්‍යාසලාභී උපාධිධාරී නිලධාරීන් සැමට ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රණාමපූර්වක ස්තුතිය පුදකරමු.