Event information

  • Description: වැඩිම සමාජ ආරක්ෂණ දායකයින් බඳවා ගැනීමෙන් ගලිගමුව කොට්ඨාශය මුල්තැනට
  • Event date: 2021.11.24

වැඩිම සමාජ ආරක්ෂණ දායකයින් බඳවා ගැනීමෙන් ගලිගමුව කොට්ඨාශය මුල්තැනට

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය සදහා දායකයින් බඳවාගැනීම, විශ්‍රාම වැටුප් ප්‍රදානය,අධ්‍යාපන ප්‍රතිලාභ ලබා දිම, මරණ පාරිතෝෂික ලබාදීම සම්බන්ධ වැඩසටහන 2021.11.24 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මේ සදහා ගලිගමුව ප්‍රාදේශීය සභා උප සභාපති විල්බට් අප්පුහාමි, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මැතිතුමා, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සබරගමු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම මැතිතුමා, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කුසුම්සිරි මහත්මිය, සමාජසේවා අංශයේ නිලධාරින් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

සමාජ ආරක්ෂණ වැඩසටහන සදහා වැඩිම දායකයින් බඳවාගත් කොට්ඨාශයට හිමි ප්‍රශංසා මෙහිදී ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හිමි වීමද විශේෂත්වයක් වන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමන් අතින් ප්‍රශංසා සහතික, ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමා, සමාජසේවා නිලධාරී සරත් රණවීර මහතා, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු අනූෂා මහත්මිය, ග්‍රාම නිලධාරී නවරත්න මහතා සහ සමෘද්ධි නිලධාරීන් කිහිපදෙනකුට පිරිනමන ලද අතර ඔවුන්ට හදපිරි සුභපැතුම් එක් කරමු.