Event information

  • Description: "2022 නව වසරේ අභියෝග ජය ගනිමු ගලිගමුවේ" රාජකාරි ඇරඹේ
  • Event date: 2022.01.03

"2022 නව වසරේ අභියෝග ජය ගනිමු ගලිගමුවේ" රාජකාරි ඇරඹේ

2022 වසර තුළ සමාජ හා ආර්ථික අභිලාෂයන් ළගා කර ගැනීමත් සෞඛ්‍ය සම්පන්න දේශයක් බිහි කිරීමත් අරමුණු කර ගනිමින් නව වසරේ රාජකාරී ඇරඹීම ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.01.03 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනය කොට මුලින්ම ආශිර්වාද කරන ලදී. කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පැවති මෙම චාම් උත්සවයේදී ජාතික ගීය ගායනය හා රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කළ අතර රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවිකැපකළ සියලුදෙනා සිහිකිරීම වස් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් සුරැකීම සියලුම කාර්ය මණ්ඩලය විසින් සිදුකරන ලදී.

පවතින කොවිඩ් 19 තත්ත්වය පිළිබද කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමන් විසින් සිදු කරන ලද අතර සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද රාජ්‍ය නිලධාරී වගකීම එහිදී පැහැදිලි කරන ලදී.

ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමන් කාර්ය මණ්ඩලය ඇමතූ අතර සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම උදෙසා රාජ්‍ය නිලධාරි කාර්ය භාරය හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් තුළ ඵලදායී පුරවැසියෙක් සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනය ගරුක, සාධාරණ සමාජයක් හා නීල හරිත රටක් බිහිකිරීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ යුතු බවත් මෙහිදී පැහැදිලි කරන ලද අතර අභියෝගාත්මක වසරක එළඹුම සාර්ථකව ජයගත යුතු බවත්, අපගේ පළමු අභිප්‍රාය විය යුත්තේ අපගෙන් සේවා ලබාගන්නා රටේ මහජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරිම බවත් ප්‍රාදේශීය ලේකම්තුමා වැඩිදුරටත් දන්වා සිටින ලදී.