Event information

  • Description: 2020 ඵලදායිතා සම්මාන සැමරුම මෙහෙවරක අභිමන් ගලිගමුවේ දී අභිමානයෙන් සැමරේ ....
  • Event date: 2022.12.20

2020 ඵලදායිතා සම්මාන සැමරුම මෙහෙවරක අභිමන් ගලිගමුවේ දී අභිමානයෙන් සැමරේ ....

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ වසර තුනහමාරක කාලයක් පුරාවට ගලිගමුවේ ජනතාව වෙනුවෙන් සේවා ඵලදායිතාවය හා කාර්යක්ෂම ව සුහදශීලී රාජ්‍ය සේවයකට අඩිතාලම සැකසුණි. පියවරෙන් පියවර පෙර ගමන් යාමට අවශ්‍ය පසුබිම නිර්මාණශීලීව සකස් කිරීමට අවශ්‍ය නායකත්වය විශිෂ්ට අයුරින් ලබා දුන් ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ඉදිරි දැක්ම සාක්ෂාත් වීමේ ප්‍රතිඵලය 2020 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ දී ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුණි. ඒ දිවයිනේ දෙවන ස්ථානය ලබා ගැනීමත් සමගය. මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබා ගැනීමේ දී කණ්ඩායම් මූලික ක්‍රියාකාර්කම් ප්‍රමුඛ වූ අතර ගලිගමුවේ නිලධාරීන්ගේ සාමුහික ප්‍රයත්නයක් තුළින් මෙම අතිවිශිෂ්ට වූ ජයග්‍රහණය ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිනා ගැනීම ගලිගමුව ජනතාව ද ලද ජයග්‍රහණයකි.

මෙම කටයුතු සදහා දායකත්වය සැපයූ එදා මෙදා තුර කාර්යාලයේ සේවය කරන ලද සියලු නිලධාරීන් ඇගයීම මෙහෙවරක අභිමන් ඵලදායිතා සම්මාන සැමරුම් උළෙලේ දී සිදු කරන්නට කටයුතු සංවිධානය කල අතර නිලධාරීන් 500 කට අධිකා ප්‍රමාණයක් මෙම උළෙලේ දී ප්‍රශංසාවට ලක් කෙරිණි.

මෙම අභිමානවත් අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයසිංහ මැතිතුමා, රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් හර්ෂ සියඹලාපිටිය මැතිතුමා, රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් කැලුම් පතිරණ මැතිතුමා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මැතිතුමන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මැතිනිය, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කුසුම්සිරි මැතිනිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද මැතිතුමා, සැලසුම් අධ්‍යක්ෂ ඒ.වීරකෝන් මැතිතුමා, කාර්මික සංවර්ධන මණ්ඩලයේ පළාත් අධ්‍යක්ෂ සේනානායක මැතිතුමා, ආධුනිකත්ව සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කළමණාකාරතුමා, වෘත්තීය පුහුණු අධිකාරියේ මාර්ගෝපදේශණ නිලධාරීතුමා, පශුවෛද්‍ය නිලධාරී කුමුදු තිලකරත්න මැතිනිය ඇතුලු විශාල පිරිසක් සහභාගි වූ අතර මේ තුළින් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අභිප්‍රේරණය කිරීම ප්‍රධාන අරමුණ විය.