Event information

  • Description: ගලිගමුවේ වතු ආශ්‍රිත දරුවන්ගේ සතුට සමගින් නව වසරේ රාජකාරි ඇරඹේ.
  • Event date: 2023.01.01

ගලිගමුවේ වතු ආශ්‍රිත දරුවන්ගේ සතුට සමගින් නව වසරේ රාජකාරි ඇරඹේ.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දරුවන්ගේ අභිවෘද්ධිය නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරයි. ගලිගමුවේ දරුවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් ගණනාවක් වසර පුරාම ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ යටතේ වන වතු ආශ්‍රිත දරුවන් වෙනුවෙන් සංවිධානය වූ වැඩසටහනක් නව වසරේ ආරම්භයත් සමග අටාලවත්ත ප්‍රජාශක්ති මධ්‍යස්ථානයේ දී 2023.01.01 දින පැවැත්විණි.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා කටයුතු අංශයේ නිලධාරීන් සහ හකහින්න සණස බැංකුව හා එක්ව පාසල් දරුවන් 100 ක් සදහා පාසල් පොත් ලබා දීම ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණ අතර අටාලවත්ත පිංදෙනිය හා පරණ අරන්දර කොටසේ වතු ආශ්‍රිත ඉතිහාසයේ ප්‍රථමවරට විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යාවන් 4 දෙනකු ඇගයීම ද මෙහි දී සිදු විය. එදිනම නිත්‍යකල්යාණි කාන්තා සමිතිය විසින් සංවිධානය කරන ලද වතු ආශ්‍රිත දරුවන් සදහා දිවා ආහාරය ලබා දීම ද සිදු කල අතර දරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

එසේම නිත්‍යකල්යාණි කාන්තා සමිතියේ සාමාජිකාවක් වන කුමාරවේල් බාලමණි මහත්මියට ස්වයං රැකියාවක් කරගෙන යාම සදහා රු. 50,000/- ක් වටිනා එළුවන් දෙදෙනෙක් ප්‍රදානය කිරීම ද මෙම අවස්ථාවට සමගාමීව සිදු කල අතර ඒ සදහා ප්‍රතිපාදන ලබා ගනු ලැබුවේ ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මගිනි. මෙම අවස්ථාවට වනිතා සංවර්ධන නිලධාරී, අටාල වසමේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී, නාරංගොඩ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී, පිංදෙණිය පොලිසියේ ස්ථානාධිපති (පාලන), මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් සහ අටාලවත්ත පිංදෙණිය ප්‍රජාශක්ති මධ්‍යස්ථානයේ පාලිකා ශ්‍රියානි මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගි වූ අතර නව වසර උදාවත් සමග මෙවන් වූ වැඩසටහනක් සංවිධානය කරන ලද නිත්‍යකල්යාණි කාන්තා සංවිධානයටත්, ප්‍රජාශක්ති මධ්‍යස්ථානයේ නිල මඩුල්ලටත් හෘදයාංගම ප්‍රණාමය පුද කර සිටිමු.