Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 10 - අලවල)
  • Event date: 2020.12.03

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 10 - අලවල)

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය “රැකවරණ පදනම” මඟින් අලවල වසමේ පී.ආර්. තිලකරත්න මහතා වෙනුවෙන් ඉදි කළ නිවස 2020.12.23 දින කෑගල්ල දිස්ත්රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මැතිතුමාගේ ප්රධානත්වයෙන් ගලිගමුව ප්රාදේශීය ලේකම් එච්.එම්.සී. සුසන්ත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් සහ ප්රදේශයේ ජනතා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පී,ආර්. තිලකරත්න මහතා වෙත සුභ මොහොතින් භාර දෙන ලදි.

පී.ආර්. තිලකරත්න මහතාගේ දියණිය හදවත් රෝගීයෙකු වන අතර ඇය 5 ශ්‍රේණිය අධ්‍යාපනය ලබයි. ඔහු කුලී වැඩෙහි නිරත වෙමින් තම දියණිය ඇතුළු පවුල නඩත්තු කරනු ලබන අතර අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභී පවුලකි. ඔහු කටුමැටි ගැසූ තාවකාලික නිවෙසක දිවිගෙවනු ලැබීය.

ලේකම් එච්.එම්. සී. සුසන්ත හේරත් මහතාගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ පී.ආර්. තිලකරත්න මහතාගේ පවුල වෙනුවෙන් වසමෙහි ග්රාම නිලධාරී ඩිලාන් හෙට්ටිආරච්චි, ආර්ථික සංවර්ධන නිලධාරී එම්.ජී.සී. හරිස්චන්ද්ර, සමෘද්ධි සංවර්ධන නිලධාරී ජී.ප්රේමලතා හා කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධණ නිලධාරී ධම්මිකා හේරත් යන මහත්ම මහත්මීන්ගේ මැදිහත්වීමෙන් සහ අලවල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පූජ්ය පල්ලේගම සෝමරත්න හිමියන්ගේ ආධාර උපකාරයෙන් ද ප්රදේශයේ පරිත්යාගශීලී ජනතාවගේ දායකත්වයෙන් ද රු.10,000,00.00 ක් පමණ වටිනා මෙම නිවස ඉදිකිරීමේ කටයුතු සිදු කරන ලදි.