Event information

  • Description: ගලිගමුවවේ උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් සාර්ථක ව්‍යපෘතියක්
  • Event date: 2021.11.10

ගලිගමුවවේ උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් සාර්ථක ව්‍යපෘතියක්

ගලිගමුව කොට්ඨාශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරී නිලධාරීන් සදහා එක් ව්‍යාපෘතියක් සකස් කිරීම සදහා ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් උපදෙස් ලබා දී තිබුණ අතර ඒ අනුව කාබනික පොහොර ප්‍රචලිත කිරිමේ වැඩසටහන රට පුරා ව්‍යාප්ත කරන පසුබිමක් තුල ගෙවත්තට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ ව්‍යාපෘතියක් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මේෆීල්ඩ් වසමට අනුයුක්ත අභ්‍යාසලාභී උපාධීධාරීන් විසින් මේෆීල්ඩ් වසම කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලදී. නිවසේ එකතුවන කාබනික අපද්‍රව්‍යලට විසදුමක් ලෙස සහ වසවිසෙන් තොර ආහාර පරිභෝජන රටාවකට ජනතාව මෙන්ම ගොවි ජනතාව හුරු කිරීමේ උතුම් පරමාර්ථය ඇතිව සංවිධානය වූ මෙම ව්‍යාපෘතිය තුලින් මේෆීල්ඩ් වසමේ ජනතාව වෙත කැළි කසල බැහැර කිරීමට අවශ්‍ය බැරල් ලබා දීම සිදුකෙරිණි. මේ තුලින් බැරල් ක්‍රමයට කොම්පෝස්ට් පොහොර නිපදවීමට නියමිතව ඇත.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය මෙම ව්‍යාපෘතිය සදහා ලැබුන අතර මේ සදහා බැරල් ලබාදීමේ අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ MAS පැබ්රික් ආයතනයට අනුයුක්ත ට්රිෂෙල් පැබ්රික් ආයතනයේ කළමණාකාර දේවින්ද රත්නායක මහතා විසිනි.

මෙවැනි පරිසර හිතකාමී හරිත වැඩසටහන සංවිධානය කිරීම උදෙසා ඉමහත් කැපවීමෙන් කටයුතු කල මේෆීල්ඩ් වසමේ අභ්‍යාසලාභී උපාධිධාරී එම්. ජානකී කල්හාරි සහ ඊ. බී. එස්. එස්. වික්‍රමසිංහ යන නිලධාරීන් දෙපල වෙත විශේෂ ස්තුතියක් පුද කල යුත්තේ රාජකාරියෙන් ඔබ්බට ගොස් ජනතාවට මෙන්ම රටටද සේවයක් සපයන නිලධාරීන්ට ආදර්ශයක් වන බැවිනි. මේ සදහා තාක්ෂණික දැනුම ලබාදුන් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන නිලධාරීතුමිය ද කෘතිවේදීත්වයෙන් යුතුව සිහිපත් කරමු.