Event information

  • Description: “ජනහදට ඇමතුමක්” ජංගම සේවයෙන් කිණිගම වසමේ ජනතාවට ලැබුන ප්‍රතිලාභ.........
  • Event date: 2021.10.18

“ජනහදට ඇමතුමක්” ජංගම සේවයෙන් කිණිගම වසමේ ජනතාවට ලැබුන ප්‍රතිලාභ.........

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගලිගමුව කොට්ඨාශයේ ජනතාවගේ ගැටළු විසදීම බාධාවක් කර නොගනිමින් ආරම්භ වූ “ජනහදට ඇමතුමක්” zoom තාක්ෂණය ඔස්සේ වූ මාර්ගගත ජංගම වැඩසටහනේ පළමු ජංගම සේවය කිණිගම වසම කේන්ද්‍ර කර ගනිමින් 2021.10.28 දින පැවැත්විණි. මෙහිදී මතුවුන ජනතා ගැටළු කිහිපයක් සදහා අනුග්‍රාහකත්ව විසදුම් එම ජංගම සේවයට සහභාගි වූ කාර්යාලයීය කාර්ය මණ්ඩලය තුළින්ම ලැබුණි.

එනම් කිණිගම වසමේ රෝද පුටුවක් ඉල්ලන ලද අසරණ පියෙක් වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරීමට අප කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශයේ ශිරන්ති මහත්මිය ඉදිරිපත් වූ අතර ක්‍රීඩා භාණ්ඩ ඉල්ලන ලද කිණිගම වසමේ තරුණ පිරිසට පළාත් සභා ප්‍රතිපාදන මත ක්‍රීඩා භාණ්ඩ ලබා දීමට ක්‍රීඩා නිලධාරිනිය ඉදිරිපත් වූවාය.

මෙම ප්‍රදානයන් සිදු කිරීම පසුගියදා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතා අතින් සිදු වූ අතර මෙම ප්‍රදානයන් සිදු කිරීමට අනුග්‍රාහකත්වය දැක්වූ නිලධාරීන් සහ මාධ්‍ය කවයේ නිලධාරීන් සිහිපත්කරන්නේ ප්‍රණාමපූර්වකය.