Event information

  • Description: ගලිගමුවේ කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් ආර්ථිකය මට්ටම ඉහළ නැංවීමට පියවර
  • Event date: 2021.10.15

ගලිගමුවේ කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් ආර්ථිකය මට්ටම ඉහළ නැංවීමට පියවර

කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය මගින් ආබාධ සහිත තැනැත්තන්ගේ විකල්ප ආදායම් උත්පාදනය සදහා ආධාර ලබාදීම යන වැඩසටහන යටතේ කාන්තා ප්‍රතිලාභින් පස්දෙනකු සදහා ලිපිකවර සකස් කිරීමට අදාල අමුද්‍රව්‍ය හා ඇගළුම් කර්මාන්තය සදහා මහන මැෂින් ප්‍රදානය කිරීමක් පසුගියදා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට සමාජසේවා නිලධාරී සහ වනිතා සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් සහභාගි වූ අතර මෙම උපකරණ ප්‍රදානය තුලින් සුළු ආබාධ සහිත ගලිගමුව කොට්ඨාශයේ කාන්තාවන් සවිබල ගන්වා ආර්ථිකය සවිමත් කිරීම අරමුණ වේ.