Event information

  • Description: ගලිගමුවේ පාසල් දරු දැරියන්ට නව වසරට පාසල් උපකරණ ප්‍රදානය කෙරේ.
  • Event date: 2021.12.25

ගලිගමුවේ පාසල් දරු දැරියන්ට නව වසරට පාසල් උපකරණ ප්‍රදානය කෙරේ.

ළමුන්ගේ අනිවාර්ය අධ්‍යාපනයට ඇති අයිතිය සුරක්ෂිත කිරීම අරමුණු කර ගනිමින් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබේ. මින් එක් වැඩසටහනක් ලෙස අකුරු සරණ අධ්‍යාපනික ව්‍යාපෘතිය මෙම වසරේද ක්‍රියාවට නංවමින් 2021.12.25 වන දින රුපියල් ලක්ෂ 7 ක් වැය කරමින් පාසල් දරුවන් 308 දෙනකු සදහා පාසල් උපකරණ බෙදා දීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදි සිදු කරන ලදී.

මෙම වැඩසටහන සදහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන ලද්දේ දිස්ත්‍රික් ළමා සංවර්ධන අරමුදල, ගලිගමුව ව්‍යාපාරික සංගමය හා දැනට විදේශගතව සිටින මෙම කාර්යාලයේ සේවය කරන ලද ආර්ථික සංවර්ධන නිලධාරී අනූෂා ගීතාංගනි හෙට්ටිආරච්චි මහත්මිය විසිනි.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත සංවිධානය වූ මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය මැතිතුමන් ප්‍රාදේශීය සභාවේ ගරු උපසභාපති විල්බට් අප්පුහාමි මැතිතුමන් සහ ජනතා නියෝජිතයින් රැසක් සහභාගි වු අතර පාසල් දරු දැරියන් හා දෙමවිපියන් විශාල සංඛ්‍යාවක් ද සහභාගි වූහ.