Event information

  • Description: “පූජාච පූජනීයානං” ගලිගමුවේ මහසඟරුවනට උපහාර පිරිනැමේ.
  • Event date: 2021.12.26

“පූජාච පූජනීයානං” ගලිගමුවේ මහසඟරුවනට උපහාර පිරිනැමේ.

සමාජ සාරධර්ම ප්‍රවර්ධන කාර්යයෙහි නිරතවෙමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉටුකරනු ලබන මහගු සත්කාර්යය ඇගයීම වෙනුවෙන් ගලිගමුව කොට්ඨාශයේ මහසඟරුවන වෙත “පූජාච පූජනීයානං” තේමාවෙන් උපහාර පිදීමේ පුණ්‍ය මහෝත්සවය 2021.12.26 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

මෙහිදී පැවැදිවීමෙන් වසර 60 ක් සපුරමින් ශාසනික සේවයේ යෙදුන ස්වාමීන් වහන්සේලා සදහා විශේෂ ඇගයීමක් සිදු කළ අතර එම උපහාරවලින් පිදුම් ලබන ලද්දේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශවයේ සතර කෝරල මහ දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී විනය කිර්ති ශ්‍රී පර්යන්ත ශාසන විභූෂණ ජිනදර්ශන කෝවිද ශාසන තිලක දෙමට උණුව වජිරවංශාරාමාධිපති අති පූජ්‍ය මණ්ඩාවල සිරිසෝභන නායක හිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක නාරන්දෙණිය ශ්‍රී නාගවනාරාමාධිපති අතිපූජ්‍ය හිරුවල්පොල පියරතන නාහිමිපාණන් වහන්සේ, සීලරතන වංශාවතංශ සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන වංශාලංකාර දොඩම්දෙණිය පුරාණ විහාරස්ථ විහාරාධිපති පූජ්‍ය දෙයියන්වල රාහුල ගෞරවණිය ස්වාමීන් වහන්සේ, සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක විශ්‍රාමික විදුහල්පති පානකාව පුරාණ විහාරස්ථ විහාරාධිපති පූජ්‍ය රත්ගම විපස්සී නායක ස්වාමීන් වහන්සේ යන නායක හිමිවරුන්ය. ඊට අමතරව පැවිදි ජීවිතය වසර 50 - 60 දක්වා සපුරන ලද උතුම් ශාසනික සේවාවක් කල ස්වාමීන් වහන්සේ, පැවිදි ජීවිතය වසර 20-49 දක්වා සපුරන ලද ශාසනික සේවාවක් කල ස්වාමීන් වහන්සේලා සහ පැවිදි ජීවිතයේ අවුරුදු 20 ට අඩු ශාසනික සේවයේ නිරත ස්වාමීන් වහන්සේලා මෙහිදී උපහාරවලින් පිදුම් ලබන ලදී.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ මෙම පුණ්‍ය මහෝත්සවය සදහා ගලිගමුව කොට්ඨාශයේ භික්ෂූන් වහන්සේලා රැසක් වැඩම කරන ලද අතර කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය සංවිධාන ශක්තිය එක් කරන ලද අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමන්, කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, කාර්යාල නිලධාරීන් හා දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීහු සහභාගි වූ මේ සදහා දායකත්වය ලබා දුන් කාර්ය මණ්ඩලයේ සැමටත් ක්ෂේත්‍ර නිලධාරීන් සැමටත් කෘතවේදීත්වය පිරිනමමු.