Event information

  • Description: "ගලිගමු පුරවැඩුම"
  • Event date: 2020.03.10

"ගලිගමු පුරවැඩුම"

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී. සුසන්ත හේරත් මහතාගේ මග පෙන්වීම යටතේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍ය කවයේ සාමාජිකයන්ගේ පූර්ණ කැපවීමෙන්, පරිත්‍යාගශීලින්, අනුග්‍රාහකයින් හා නිර්මාණකරුවන්ගේ එකතුවෙන් "ගලිගමු පුරවැඩුම" ත්‍රෛමාසික සගරාව අප ඔබට පිරිනමන්නෙමු. එහි මංගල කලාපය 2020 මාර්තු මස එළි දැක්වූ අතර දෙවන, තෙවන සගරා ද පසු කරමින් සිව්වන කලාපය ද අප ඔබට තිළිණ කරන්නේ හද පිරි සතුටිනි.

"ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවැරදි තොරතුරු වඩාත් උචිත අවස්ථාවේ ඔබ හමුවේ තැබීම" යන මාධ්‍ය කවයේ දැක්ම තුළින් "ගලිගමු පුරවැඩුම" මාධ්‍ය සදාචාරයන්ට අනුකූලව තොරතුරු හුවමාරු කිරීම, විමර්ශන ශීලී හා විචක්ෂණශීලී ක්‍රියාවලියක් තුළින් ජනතවගේ අභිමතාර්ථ සාධනය කරවීම යන මෙහෙවරත් සමග තවත් ඉදිරියට යන්නට අපත් සමග අත්වැල් බැද ගන්නට ඔබටත් ආරධනා කරමු.....

මේ අපේ "ගලිගමු පුරවැඩුමයි" ........ පහත අංක ඔස්සේ ඔබට අප හා සම්බන්ධ වී "ගලිගමු පුරවැඩුම" සගරාව ලබා ගත හැකිය.