Event information

  • Description: ලාහුපන ග්‍රාම නිලධාරී වසමටත් “පොතක් එක්ක” වැඩසටහනින් පුස්තකාලයක්
  • Event date: 2021.12.25

ලාහුපන ග්‍රාම නිලධාරී වසමටත් “පොතක් එක්ක” වැඩසටහනින් පුස්තකාලයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්. එම්. සී. සුසන්ත හේරත් මහතාගේ සංකල්පයකට අනුව කොට්ඨාශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක් පුස්තකාලයක් බැගින් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පොතක් එක්ක නවවන පුස්තකාලය 2021.12.25 දින ලාහුපන ග්‍රාම නිලධාරී වසමේදී විවෘත විය.

ලාහුපන ග්‍රාම නිලධාරී වසමේ වසම්භාර නිලධාරීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත ඇරඹි මෙම පුස්තකාලය පොත් 500 කින් පමණ සමන්විත වන අතර මෙහි ප්‍රතිලාභ ලාහුපන වසමේ දරු දැරියන් ඇතුළු සැමට හිමි වන්නේ කියවීම මිනිසා සම්පූර්ණ මිනිසකු කරන්නට දෙන පිටුවහලක් ලෙසිනි. මෙය විවෘත කිරීම ගලිගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංගි අධිකාරි මහත්මිය අතින් සිදු වූ අතර ග්‍රාම නිලධාරිතුමන් ඇතුළු වසම්භාර නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

මේ සදහා කැපවීමෙන් කටයුතු කල වසමේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, උපාධිධාරී අභ්‍යාසලාභී නිලධාරී ඇතුළු සහයෝගය දුන් සියළුම දෙනාට ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ ගෞරවණීය සුභාෂිංශණද මෙම අවස්ථාවේදී එක් කෙරිණි.