Event information

  • Description: නව වසරට පාසල් යන දරු දැරියන්ට පොත් කට්ටල ප්‍රදානය කෙරේ.
  • Event date: 2022.01.02

නව වසරට පාසල් යන දරු දැරියන්ට පොත් කට්ටල ප්‍රදානය කෙරේ.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අම්පේ ග්‍රාම නිලධාරී වසමේ පාසල් දරු දැරියන් සදහා පාසල් අභ්‍යාස පොත් කට්ටල 200 ක් හා මුඛ ආවරණ 2000 ක් ප්‍රදානය කිරීම 2022.01.02 වන දින අම්පේ කනිෂ්ඨ විද්‍යාලයේදි සිදු කෙරිණි.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමන්ගේ උපදේශකත්වයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන 14 වන වරට පැවැත්වීම සුවිශේෂිත්වයක් වේ. මේ සදහා අනුග්‍රාහකත්වය දක්වනු ලැබුවේ අම්පේ ග්‍රාම නිලධාරී දේශප්‍රිය නවරත්න බණ්ඩාර මහතා සහ පරිත්‍යාගශීලීන් විසිනි.

මෙම අවස්ථාව සදහා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමා, අම්පේ ශ්‍රී සෝභිතාරාමයේ පරිවේනාධ්‍යක්ෂ මල්මඩුවේ ධම්මකිත්ති හිමි, අම්පේ විද්‍යාසාගර මහ පිරිවෙනේ පරිවේනාධිපති පුන්සිසිගම ගුණරතන හිමියන් සහභාගි වූ අතර මේ සදහා ඇප කැප වූ වසමේ ග්‍රාම නිලධාරීතුමන් විශේෂයෙන් සිහිපත් කල යුතුමය. මෙතුමන් දිවයිනේ හොදම ග්‍රාම නිලධාරි ලෙසද උපහාර ලබා ඇති අතර මෙවන් උතුම් කාර්යයන් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, ධනය වැය කිරීම තුලින් ජනතා සම්මානයට ලක්ව ඇත.එසේම මේ සදහා සහයෝගය ලබා දුන් වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ උපාධිධාරී අභ්‍යාසලාභී නිලධාරීන් දෙපළ කෘතඥ පූර්වකව සිහිපත් කරන අතර මෙවන් වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සදහා ග්‍රාම නිලධාරීතුමන් ඇතුළු සැමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.