Event information

  • Description: ගලිගමුවේ උපාධිධාරී අභ්‍යාසලාභීන්ට සංවර්ධන නිලධාරී ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරේ.
  • Event date: 2022.01.19

ගලිගමුවේ උපාධිධාරී අභ්‍යාසලාභීන්ට සංවර්ධන නිලධාරී ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරේ.

වසරක සේවා කාලය සම්පූර්ණ කල ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අනුයුක්තව සේවය කල උපාධිධාරී අභ්‍යාසලාභීන් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථිර කරන ලද අතර ඔවුන්ට එම පත්වීම් ලිපි ප්‍රදානය 2022.01.19 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි සිදු කෙරිණි.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ මෙහෙයවීමෙන් මෙහි උත්සව කටයුතු සංවිධානය වූ අතර රාජ්‍ය සේවයට නව අරුතක් එක් කරමින් මහජනතාවට සේවය සැපයීමේ කාර්යය වඩාත් සක්‍රීයව සිදු කල යුතු බව එතුමන් විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු.නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මැතිතුමන්, ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් ජයසිංහ මැතිතුමන්, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. අද දින රාජ්‍ය සේවයට පිවිසි ඔබ සැමට සුභාෂිංශණ පිරිනමමු.