Event information

  • Description: පසුගිය වසරේ ගලිගමුවේ ආපදාවලින් පීඩාවට පත් පවුල්වල පෙරපාසල් දරුවන්හට අධ්‍යාපන උපකරණ ප්‍රදානය කෙරේ.
  • Event date: 2022.01.11

පසුගිය වසරේ ගලිගමුවේ ආපදාවලින් පීඩාවට පත් පවුල්වල පෙරපාසල් දරුවන්හට අධ්‍යාපන උපකරණ ප්‍රදානය කෙරේ.

2021 නොවැම්බර් මස ගලිගමුව කොට්ඨාශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල්වල පෙරපාසල් අධ්‍යාපනයේ නිරතවන දරුවන්හට හියුමෙඩිකා ලංකා රාජ්‍ය නොවන සංවිධානය විසින් අවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබාදීම 2022.01.11 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු විය.

මෙවැනි ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පවුල්වල දරුවන් වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස තම වගකීම ඉටුකරමින් හියුමෙඩිකා ලංකා ආයතනය සිදුකරන ලද දායකත්වය පිළිබදව කෘතඥපූර්වක ප්‍රණාමය පුද කර සිටිමු.