Event information

  • Description: තෛපොංගල් දින සැමරුම් වැඩසටහන පින්දෙනිය වත්තේදී උත්කර්ෂවත්ව සැමරේ ...........
  • Event date: 2022.02.10

තෛපොංගල් දින සැමරුම් වැඩසටහන පින්දෙනිය වත්තේදී උත්කර්ෂවත්ව සැමරේ ...........

ජනවාරි මසට යෙදෙන තෛපොංගල් දිනය නිමිති කර ගනිමින් ගලිගමුව කොට්ඨාශයේ තෛපොංගල් දින සැමරුම පින්දෙනිය වත්තේ දී 2022.02.10 වන දින උත්කර්ෂවත්ව පැවැත්විණි.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සදහා පින්දෙනිය වත්තේ විශාල ජනතාවක් සහභාගි වූ අතර මෙහිදී දමිළ ජනතාවගේ ආවේණික පැරණි නර්තනාංග හා පුද පූජා විධි රැසක් ඉදිරිපත් කරන ලදී. තෛපොංගල් දින සිදු කරනු ලබන චාරිත්‍රවලට මුල් තැන දෙමින් පැවති මෙම උළෙලට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, පින්දෙනිය වතු අධිකාරිතුමා, සංස්කෘතික නිලධාරීන්, ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සහභාගි වූ අතර මෙම උත්සවය සබරගමු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලදී.