Event information

  • Description: කෑගලු දිසාවේ වැඩිම සෞභාග්‍ය ගම්මාන ගලිගමුවේ ජනතා අයිතියට පත් කෙරේ.
  • Event date: 2022.02.24

කෑගලු දිසාවේ වැඩිම සෞභාග්‍ය ගම්මාන ගලිගමුවේ ජනතා අයිතියට පත් කෙරේ.

රට හදන සෞභාග්‍යයේ දැක්ම යථාර්තවත් කරමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් බිහිකොට සුඛිත මුදිත ජනතාවක් බිහිකිරිමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පය මල් ඵල ගන්වමින් ගලිගමුව කොට්ඨාශයේ ජනතාව වෙත කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම සෞභග්‍යයේ ගම්මාන ප්‍රමාණය වන ගම්මාන 6 ක් පිහිටුටීම සාර්ථකව අවසන් කොට තිබේ.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මැතිතුමන්ගේ මෙහෙයවීම හා අධීක්ෂණය මත සංවිධානය වූ මෙම ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 14.88 ක් හා එම නිෂ්පාදන ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය සදහා රුපියල් මිලියන 17.90 ක් වැය කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු නියෝජ්‍ය කථානායක හා ගලිගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ හා ගලිගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උපසභාපති හා ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් ජයසිංහ මැතිතුමන් ඇතුළු අනෙකුත් දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් මෙම නිෂ්පාදන ගම්මාන ජනතා අයිතියට පත්කිරීම පසුගියදා සිදු කෙරුණ අතර ඒ තුළින් ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම අරමුණයි.

මෙසේ ආරම්භ වූ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වනුයේ රෑනපාන, අටුගොඩ, බඹරගම වසම්වල සෞභාග්‍යා බිම්මල් නිෂ්පාදන ගම්මානය, කොබ්බෑවල සෞභාග්‍යා හදුන්කූරු ගම්මානය, බල්ලපාන පාතබාගේ මැටි භාණ්ඩ නිෂ්පාදන ගම්මානය, ඇදුරාපොත නැගෙනහිර මානාවලින් කඩදාසි නිෂ්පාදන ගම්මානය, නාරංගොඩ, නාඹේරියාව, අරන්දර, බෝයගොඩ, හොලොම්බුව, අලවල වසම්වල කුකුල් පාලන ගම්මානය සහ අරුග්ගම්මන, අම්පේ, හොලොම්බුව, ගලිගමුව, හත්නාපිටිය, හත්නාගොඩ, කිණිගම, හැලමඩ, වේරගොඩ, ගොඩවෙල, මකුද්දල, කුරුණෑගොඩ, රුග්ගහතැන්න, දෙමටන්පිටිය, කරගල වසම්වල කාබනික පොහොර නිෂ්පාදනය හා දේශීය අල භෝග වගා ගම්මානයයි.