Event information

  • Description: හැලමඩ ග්‍රාම නිලධාරී වසමටත් “පොතක් එක්ක” වැඩසටහනින් පුස්තකාලයක් ......................
  • Event date: 2022.03.14

හැලමඩ ග්‍රාම නිලධාරී වසමටත් “පොතක් එක්ක” වැඩසටහනින් පුස්තකාලයක් ......................

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මහතාගේ සංකල්පයකට අනුව කොට්ඨාශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක් පුස්තකාලයක් බැගින් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පොතක් එක්ක දහතුන්වන පුස්තකාලය පසුගියදා හැලමඩ ග්‍රාම නිලධාරී වසමේදී විවෘත විය

මෙම පුස්තකාලය විවෘත කිරීම ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් සිදු වූ අතර මෙම අවස්ථාවට ගලිගමුව පරිපාලන නිලධාරිතුමිය, තරුණසේවා නිලධාරීතුමා සහ වසම්භාර සියළු නිලධාරීන්ද වසම්භාර ගරු මන්ත්‍රී සිසිර කුමාර අලුත්වත්ත මහතා ද සහභාගි වූහ

මෙහිදී හැලමඩ යෞවන සමාජය හා ළමා සමාජය එක්ව පාඨක සමාජයක්ද පිහිටුවන ලද අතර මේ සදහා පොත් පරිත්‍යාග කල අය සහ මේ වෙනුවෙන් ඇප කැප වූ සියළු නිලධාරීන් වෙත ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රණාමය හිමි විය