Event information

  • Description: කිනිගම වෙල්යායක හැඩවුන “පුංචි අපේ ගී මිහිර” පළමු ගීත රසවින්දන වැඩසටහන
  • Event date: 2022.03.22

කිනිගම වෙල්යායක හැඩවුන “පුංචි අපේ ගී මිහිර” පළමු ගීත රසවින්දන වැඩසටහන

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත සංවිධානය කරන ලද “පුංචි අපේ ගී මිහිර” සුභාවිත ගීත රසවින්දන වැඩසටහන 2022.03.22 දින කිනිගම වසමේ වෙල්යායේදී පැවැත්විණි.

මේ සදහා කිනිගම වසමේ දරු දැරියන් විශාල පිරිසක් සහභාගි වූ අතර සමාජයෙන් ගිලිහී යන සෞන්දර්යාත්මක හා නිර්මාණශීලී දරුවකු තැනීමේ මෙම ප්‍රයත්නය වෙනුවෙන් ගීත ගායනය හා රසවින්දනය සිදු කරන ලද්දේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංගීත කණ්ඩායම විසිනි.

මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංගි අධිකාරී මහත්මිය සහ සංස්කෘතික අංශයේ නිලධාරීන්, සහ වසම්භාර නිලධාරීහු සහභාගි වූහ.