Event information

  • Description: ගලිගමුවේ පෙරපාසල් දරුවන්ට සෞන්දර්යාත්මක අත්දැකීමක් .................
  • Event date: 2022.03.22

ගලිගමුවේ පෙරපාසල් දරුවන්ට සෞන්දර්යාත්මක අත්දැකීමක් .................

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද දේශයට හිතැති සංස්කෘතික දරුවකු නිර්මාණය කිරීම යන තේමාවෙන් ජනකතා, ජන ක්‍රීඩා හා ළමා ගීත ආශ්‍රය කරගනිමින් පූර්ව ළමාවියේ සිටින දරුවන්ගේ නිර්මාණශීලී හැකියා වර්ධනය කිරීමේ වැඩසටහනක් 2022.03.22 දින දෙමටන්පිටිය දිමුතු පෙරපාසලේදී පවත්වන ලදී.

මෙහි මූලික අරමුණ වූයේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුතු අස්පර්ෂණීය සංස්කෘතික උරුමයන් පුංචි දරුවන් තුල ප්‍රචලිත කිරීම, සංරක්ෂණය කිරීම හා ව්‍යප්තිකරණය තුළින් නිවුණු හැදුණු සොදුරු මිනිසුන් සපිරි පින්බර දේශයක් ගොඩනැගීමයි.

මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමන්, කෝට්ටපොල ජයමිණි පෙරපාසලේ දරුදැරියන්, පෙරපාසල් ගුරුභවතුන්, දෙමව්පියන් සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීන් සහභාගි වූහ.