Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 02- අම්පේ)
  • Event date: 2019.08.24

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 02- අම්පේ)

2025 වන විට කෑගල්ල දිස්ත්‍රික්කය ආසියාවේ හොඳම ජනාවාසය බවට පත්කිරීමේ ඉලක්කය කරා යන ගමනේ දී නගර හා මානව ජනාවාස සංයුක්ත, සුරක්ෂිත, ස්ථායි සහ තිරසාර කිරීමේ තිරසර සංවර්ධන අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික් මහ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මැතිඳුන්ගේ අනුශාසකත්වයෙන් හා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී. සුසන්ත හේරත් මැතිඳුන්ගේ සංකල්පය, උපදේශකත්වය හා මඟ පෙන්වීමෙන් ආරම්භ කරන ලද “රැකවරණ පදනම” මඟින් ඉදි වූ දෙවන “සිහින මැදුර” 2019.08.24 දින නිවෙස් හිමිකරු වෙත සුභ මොහොතින් භාර දුන් වගයි ..............

එම නිවසෙහි වාසනාවන්ත හිමිකරු වන්නේ අම්පේ කන්නන්ගරපුරගම, කොටියාකුඹුර ලිපිනයෙහි පදිංචි එම්.ඒ. ශ්‍රීයානි මදසිංහ මහත්මියයි. මෙතෙක් කළක් සුරක්ෂිත නිවසක ජීවත්වීම සිහිනයක් වූ ඔවුන් හට එම සිහිනය සැබෑ කර දීම සඳහා අවශ්‍යය සියළු සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබූවේ අම්පේ වසමෙහි සමෘද්ධි සංවර්ධන නිලධාරිණී ඉනෝකා විරාජනී මහත්මියයි.

මෙම නිවස ඉදිකිරීම ආරම්භයේ සිට නිවෙස් හිමිකරු වෙත මෙම නිවස භාර දෙන අවස්ථාව දක්වා ඇයට ශක්තියක් වූයේ ප්‍රදේශයේ පරිත්යාගශීලී ජනතාවයි. මෙම “සිහින මැදුර” ඉදිකිරීම සඳහා ශක්තියක් වූ සියළු දෙනාට අපගේ හෘදයාංගම කෘතඥතාවය, ස්තුතිය පිරිනමමු.