Event information

  • Description: ගලිගමුවේ නිලධාරීන්ට ඉදිරිපත් කිරීමේ කුසලතාවය නැංවීමේ වැඩසටහනක්
  • Event date: 2022.10.12

ගලිගමුවේ නිලධාරීන්ට ඉදිරිපත් කිරීමේ කුසලතාවය නැංවීමේ වැඩසටහනක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුමින් හා විවිධ කුසලතාවලින් පොහොසත් පිරිසක් බවට පත්කිරීමේ පුහුණු හා නිර්මාණශීලී වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ යටතේ වූ සුවිශේෂී වැඩසටහනක් 2022.10.12 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නිලධාරීන්ගේ කථික හැකියාව හා ඉදිරිපත් කිරීමේ කුසලතාවය නංවාලීම වස් ලක්හඩ ගුවන්විදුලි ආයතනයේ ප්‍රවෘත්ති නිවේදක, ප්‍රවෘත්ති සංස්කාරක, ස්වාධීන රූපවාහිනි ජාලයේ රූපවාහිනි නිවේදක, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිධාරී, ජාතික තරුණ සේවා සභාවේ කථන හා නිවේදක ආචාර්ය සම්පත් පතිරාජ මහතා සම්බන්ධ කර ගනිමින් සිදු කල මෙම වැඩසටහන සදහා නිලධාරීන් 100 කට අධික පිරිසක් සහභාගි වූ අතර මෙය ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

නිර්මාණශීලී කථික කලාව හා ග්‍රාහකයින් ආකර්ෂණය කර ගැනීම පිළිබද හරවත් දේශනයක් සම්පත් පතිරාජ මහතා විසින් සිදු කල අතර එතුමන් විසින් අප කාර්යාලය වෙනුවෙන් ලබා දුන් විශිෂ්ට වූ සම්පත්දායකත්වය සදහා ප්‍රණාම පූර්වක ස්තුතිය පුද කරමු.