Event information

  • Description: ගලිගමුවේ දරුවන්ට සිනහ ගෙන්වූ සිනහ දකින අපේ ලොවක් ළමා දින වැඩසටහන
  • Event date: 2022.10.03

ගලිගමුවේ දරුවන්ට සිනහ ගෙන්වූ සිනහ දකින අපේ ලොවක් ළමා දින වැඩසටහන

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ ගලිගමුව කොට්ඨාශයේ දරු දැරියන්ගේ හෙට දවස වෙනුවෙන් හා ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ගේ සතුට වෙනුවෙන් ළමා දින සැමරුම් උළෙලක් 2022.10.03 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බල්ලපාන පාතබාගේ වසමේ මහමායා පෙරපාසල, බිසෝවෙල වසමේ සිගිති පෙරපාසල සහ ලිට්ල්බර්ඩ් පෙරපාසල, යට්ටෝගොඩ වසමේ කැකුළු හා සිතුමිණි පෙරපාසල්වල දරුවන් 105 දෙනකු මෙම උත්සවය සදහා සහභාගි වූ අතර දරුවන්ගේ පෞරුෂත්වය වර්ධනය හා නිර්මාණශීලිත්වය වර්ධනය සදහා විනෝදාත්මක වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර ඒ සදහා සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී දෙපළ විසිනි.

මෙම අවස්ථාවේදී සහභාගි වූ දරුවන් සදහා ත්‍යාග බෙදාදීමක්ද සිදු කල අතර ඒ සදහා ගලිගමුව ලංකා බැංකුව අනුග්‍රහය දක්වන ලද අතර මේ සදහා සහභාගි වූ පෙරපාසල් දුවා දරුවන්ගේ දෙමව්පියන් ට දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය හා වගකීම පිළිබද ප්‍රධාන දේශනය ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමා විසින් ලබා දෙන ලදී. මෙම අවස්ථාවට ගලිගමුව ලංකා බැංකු ශාඛාවේ කළමණාකාරතුමන්, පෙරපාසල් ගුරුභවතුන් සහ දෙමව්පියන් විශාල පිරිසක් සහභාගි වූහ.