Event information

  • Description: ළමා දිනය වෙනුවෙන් ගලිගමුවේ පාසල් දරුවන්ට අධ්‍යාපන ආධාර බෙදා දීමක්.......
  • Event date: 2022.10.01

ළමා දිනය වෙනුවෙන් ගලිගමුවේ පාසල් දරුවන්ට අධ්‍යාපන ආධාර බෙදා දීමක්.......

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ කොට්ඨාශයේ පාසල් දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතුව සිට ඇමරිකාවේ පදිංචිව සිටින අනූෂා ගීතාංගනී මහත්මිය විසින් රුපියල් පනස්දහසක් පරිත්‍යාග කරමින් පාසල් දරුවන් 20 දෙනකු සදහා පාසල් උපකරණ ලබා දීමට අනුග්‍රහය ලබා දෙන ලදී.

මෙම පාසල් උපකරණ ලබා දීම 2022.10.01 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රදානත්වයෙන් ගලිගමුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

දැයේ දූ පුතුන්ගේ නැණස පැදීමේ උත්තුංග කාර්යය වෙනුවෙන් මේ සදහා දායකත්වය දැක්වූ අනූෂා ගීතාංගනී මහත්මියටත් එතුමියගේ පවුලේ සැමටත් අප කාර්යාලයේ සැම වෙනුවෙන් හෘදයාංගම කෘතවේදීත්වය පිරිනමන අතර මෙවන් වැඩකටයුතු සදහා ඉදිරියටත් දායකත්වය ලබා දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු