Event information

  • Description: මානසික සුවතාවය වෙනුවෙන් ගලිගමුවේ නිලධාරීන්ට වැඩසටහනක්
  • Event date: 2022.10.19

මානසික සුවතාවය වෙනුවෙන් ගලිගමුවේ නිලධාරීන්ට වැඩසටහනක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කාර්යාල නිලධාරීන්ගේ මානසික ඒකාග්‍රතාවය වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වනු ලැබේ. ඒ යටතේ ලෝක මානසික සෞඛ්‍ය දිනය තේමා කරගනිමින් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සදහා මානසික සෞඛ්‍යය නංවාලීමේ වැඩසටහනක් 2022.10.19 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී නිලධාරීන්ගේ පෞද්ගලික ජීවිතය හා කාර්යාල ජීවිතය සමබරව ගෙන යන ආකාරය පිළිබද කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය සුරන්ජනිකා ගුණතිලක මහත්මිය සහ වෛද්‍ය රෝෂාන් ජයකොඩි මහත්මා විසින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ හරවත් දේශන ලබා දෙමින් අගනා වටිනා සම්පත්දායකත්වයක් ලබා දුන් අතර මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන අංශය මගිනි.