Event information

  • Description: ගලිගමුවේ දරුවන්ට දෙමළ භාෂා පුහුණුවක් ..................
  • Event date: 2022.11.29

ගලිගමුවේ දරුවන්ට දෙමළ භාෂා පුහුණුවක් ..................

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගලිගමුවේ උසස්පෙළ අවසන් කල දරුවන්ගේ හැකියා සහ කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ යටතේ වූ උසස්පෙළ අවසන් කරන ලද පාසල් හැර ගිය දරුවන් සඳහා දෙමල භාෂා පුහුණු වැඩසටහනක් පසුගියදා මැදගොඩලන්ද විහාරස්ථානයේ දී ආරම්භ කරන ලදී.

එම පුහුණුව සාර්ථකව අවසන් කරන ලද 38 දෙනකුගෙන් සමන්විත සිසුන් කන්ඩායමට සහතිකපත් ප්‍රදානය කිරීම 2022.11.29 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහිදී මෙම පාඨමාලාවට සම්බන්ධ වූ සිසුන්ගේ දෙමළ භාෂා හැකියාව විදහා දැක්වෙන කලා ප්‍රසංගයක් ද පවත්වන ලද අතර මේ සදහා ප්‍රතිපාදන සපයන ලද්දේ අධිකරණ අමාත්‍යාංශයේ සංහිදියා කාර්යාංශය මගිනි.