Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 03 - පානකාව)
  • Event date: 2019.12.01

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 03 - පානකාව)

ඒ/215/1, ඇදුරාපොත, දේවාලේගම ලිපිනයෙහි පදිංචි ජී. චන්දන ප්‍රීති විරාජ් පෙරේරා මහතා වෙනුවෙන් ඉදිකල නිවස ඒ/215/1, ඇදුරාපොත, දේවාලේගම ලිපිනයෙහි පදිංචි ජී. චන්දන ප්‍රීති විරාජ් පෙරේරා මහතා වෙනුවෙන් ඉදිකල නිවස 2025 වන විට කෑගල්ල දිස්ත්‍රික්කය ආසියාවේ හොඳම ජනාවාසය බවට පත්කිරීමේ ඉලක්කය කරා යන ගමනේ දී නගර හා මානව ජනාවාස සංයුක්ත, සුරක්ෂිත, ස්ථායි සහ තිරසාර කිරීමේ තිරසර සංවර්ධන අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික් මහ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රරිසිරි බණ්ඩාර මැතිඳුන්ගේ අනුශාසකත්වයෙන් හා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී. සුසන්ත හේරත් මැතිඳුන්ගේ සංකල්පය,

උපදේශකත්වය හා මඟ පෙන්වීමෙන් ආරම්භ කරන ලද “රැකවරණ පදනම” මඟින් ඉදි වූ තෙවන “සිහින මැදුර” 2019.12.01 දින නිවෙස් හිමිකරු වෙත සුභ මොහොතින් භාර දුන් වගයි . එම නිවසෙහි වාසනාවන්ත හිමිකරු වන්නේ ඒ/215/1, ඇදුරාපොත, දේවාලේගම ලිපිනයෙහි පදිංචි ජී. චන්දන ප්‍රීති විරාජ් පෙරේරා මහතායි.

මෙතෙක් කළක් සුරක්ෂිත නිවසක ජීවත්වීම සිහිනයක් වූ ඔවුන් හට එම සිහිනය සැබෑ කර දීම සඳහා අවශ්‍ය සියළු ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු සිදු කරනු ලැබූවේ ඇදුරාපොත නැඟෙනහිර වසමේ ග්‍රාම නිලධාරී ආර්.කේ.ඩී.ඩී. චන්ද්‍රදාස මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරී නිමාලි ධම්මිකා මිය, ආර්ථික සංවර්ධන නිලධාරී ධම්මිකා ජිනදාස මිය, අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරී ශෂිකලා දිල්රුක්ෂි මියයි.