Event information

  • Description: අරන්දර විද්‍යාලයට වතුර මෝටරයක් පරිත්‍යාග කෙරේ.
  • Event date: 2022.12.09

අරන්දර විද්‍යාලයට වතුර මෝටරයක් පරිත්‍යාග කෙරේ.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ රජයේ මුදල් භාවිතාවකින් තොරව ගලිගමුව කොට්ඨාශයේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

ඒ යටතේ ගලිගමුවේ ප්‍රසිද්ධ නීතිඥ පී.පන්සලවත්ත මහතාගේ ධන පරිත්‍යාගයෙන් අරන්දර විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති වතුර මෝටරයක් එම විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අරන්දර විද්‍යාලයේ විදුහල්පතිතුමන්, අරන්දර විද්‍යාලයේ ආචාර්ය අරන්දර විජිතනන්ද ස්වාමීන් වහන්සේ, අරන්දර වසමේ ආර්ථික සංවර්ධන නිලධාරිතුමිය සහ වතුර මෝටරය පරිත්‍යාග කල පී.පන්සලවත්ත මහතා සහභාගි වූහ.