Event information

  • Description: ශරීර සුවතාවයත් සුහදතාවයත් කැටි කල ගලිගමුවේ ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන්..............
  • Event date: 2022.12.24

ශරීර සුවතාවයත් සුහදතාවයත් කැටි කල ගලිගමුවේ ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන්..............

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සේවා ඵලදායිතාවය මෙන්ම ශරීර සුවතාවය වෙනුවෙන් ද විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර 2022 වසරේ ක්‍රීඩා උළෙල හා නිලධාරී සුහද හමුව පසුගියදා ගලිගමුව විදුහල් ක්‍රීඩාංගණයේ දී සාර්ථකව අවසන් වූයේ සැමගේ ඒකාකාරී රාජකාරී දිවියට වෙනස්ම අත්දැකීමක් එක්කරමිනි.

නිලධාරීන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් හදුනාගැනීමත් ඔවුන් ඇගයීමට ලක් කිරීමත් මෙහිදී සිදු වූ අතර ජයග්‍රාහී කණ්ඩායම් වෙත ශූරතා කුසලාන පිරිනැමීම ප්‍රාදේශීය ලේකම්තුමන් අතින් සිදු විය. මීට සමගාමීව ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමයේ වාර්ෂික සුහද හමුව ද සංවිධානය කර තිබුණි.

නායකත්වයේ ආශිර්වාදයෙන් සියළු නිලධාරීන්ගේ සුහදතාවය හා එකමුතුභාවය කදිමට නිරූපණය කල අවස්ථාවක් ලෙස මෙම වැඩසටහන සියළුදෙනාගේම ඇගයීමට ලක් වූ අතර විනෝදකාමී හා රසවත් මතක ඉතිරි කල දිනයක් බවට ගලිගමු ඉතිහාසයේ සනිටුහන් විය