Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 04 - බල්ලපාන පාතබාගේ)
  • Event date: 2020.08.03

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 04 - බල්ලපාන පාතබාගේ)

අංක 70 සී බල්ලපාන පාතබාගේ වසමෙහි නියරකෙටිය, බල්ලපාන ලිපිනයෙහි පදිංචි එච්.පී. සුමනාවතී මහත්මියයි. මෙතෙක් කළක් සුරක්ෂිත නිවසක ජීවත්වීම සිහිනයක් වූ ඔවුන් හට එම සිහිනය සැබෑ කර දීම සඳහා අවශ්ය සියළු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබූවේ ගලිගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ හා පරිත්යාගශීලීන්ගේ මූල්ය හා ශ්රම දායකත්වයෙනි.

එච්.පී. සුමනාවතී මහත්මිය සමෘද්ධිලාභී කාන්තාවක් වන අතර, සැමියා මිය ගොස් ඇත. ඇය දියණියන් තිදෙනෙකුගේ මවක් වන අතර, දියණියන් තිදෙනා කොබ්බෑවල කීර්තිරත්න මහා විද්යාලයේ ඉගෙනුම ලබයි. නිවසක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් දමා බිත්ති පේළි 03ක් පමණක් ඉදිකර ඇතත්, ඉන් ඉදිරියට නිවසෙහි වැඩ කටයුතු සම්පූර්ණ කර ගැනීමට ශක්තියක් නොමැති කමින් ඉටිරෙදි ආවරණය කර ගත් කුඩා නිවසක දියණියන් තිදෙනා සමඟ ඉතා අනාරක්ෂිතව දිවි ගෙවන ලදි.

රැකවරණ පදනම මඟින් සුමනාවතී මහත්මියගේ නිවස ඉදිකිරීම සඳහා තෝරා ගත් අතර, ගලිගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මූල්ය හා ශ්රම දායකත්වයෙන් ප්රාදේශීය ලේකම් එච්.එම්.සී. සුසන්ත හේරත් මහතාගේ මඟ පෙන්වීමෙන් හා කාර්යාලයේ කාර්මික නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් මෙම නිවස ඉදි කරන ලදි.