Event information

  • Description: යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 05 - නාරංගොඩ)
  • Event date: 2020.12.12

යථාර්තයක් වූ සිහිනය- (නිවාස අංක 05 - නාරංගොඩ)

අංක 67 නාරංගොඩ වසමේ නිව්බෝල්ඩ් ජනපදය, පිටගල්දෙණිය ලිපිනයෙහි පදිංචි ඩබ්. අදෝනිස් මහතා වෙත මෙම නිවස ඉදි කර භාර දෙන ලදි. බිරිඳ මියගිය අදෝනිස් මහතා එක් පුතෙකු සමග කුලී වැඩෙහි නිරත වෙමින් තම ජිවිකාව ගෙන යන අතර, ඔහු සමෘද්ධි ලාභියෙකු වේ. ස්ථිර නිවසක් තනා ගැනීම ඔවුනට සිහිනයක් වූ බැවින් ඔහුගේ අසරණභාවය සලකා ගලිගමුව ප්රාදේශී්ය ලේකම් එච්.එම්. සී. සුසන්ත හේරත් මහතාගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ වසම් භාර නිලධාරීන් වන ග්රාම නිලධාරී කපිල සෙනවිරත්න, ආර්ථික සංවර්ධන නිලධාරී ඉන්දික බණ්ඩාර, සමෘද්ධි සංවර්ධන නිලධාරී ඇන්ටන් රවිකුමාර්,

උපාධිධාරී අභ්යාසලාභී නිලධාරී ඩී.ඒ.ඒ.ජී. රත්නසේන යන මහත්ම මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් ප්රදේශයේ පරිත්යාගශීලී ජනතාවගේ මූල්ය හා ශ්රම දායකත්වයෙන් රු. 700000.00 ක පමණ වටිනාකමින් යුත් මෙම නිවස ඉදි කිරීමට හැකි විය.

මෙවැනි සද්කාර්යයන් සදහා අප සමඟ එක්වීමට ඔබටත් හැකිය. එච්.එම්.සී. සුසන්ත හේරත් - ප්රාදේශීය ලේකම් - 0714439363 නිලූෂි දයානන්ද - සහකාර ප්රාදේශී්ය ලේකම් - 0711671141 අනුරාධා සිරිසේන - පරිපාලන නිලධාරී -0714425072 ජී.ආර්.එස්. දයාවංශ - ප්රධාන කළමණාකරණ සේවා නිලධාරී - 071-4459805